ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ ඓතිහාසික නඩුවක්
January 6, 2024 07:52 am
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි ද යන්න තීරණය කිරීම සඳහා ඓතිහාසික නඩුවක් විභාග කරන බව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, 2024 ඡන්දයෙන් ඔහු ඉවත් කිරීමට කොලරාඩෝ ප්‍රාන්ත අධිකරණය ගත් තීරණයට එරෙහි ව ට්‍රම්ප්ගේ අභියාචනය විභාගයට ගැනීමට විනිසුරුවරුන් එකඟ වී ඇති බවයි.
නඩුව පෙබරවාරි මාසයේ දී විභාගයට ගැනීමට නියමිත අතර, තීන්දුව රටපුරා බලපැවැත්වෙන බව සඳහන්ය.
ඩොනල් ට්‍රම්ප් වසර තුනකට පෙර එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමට අනුබල දුන් බවට තර්ක කරමින් ප්‍රාන්ත ගණනාවක නඩු පවරමින් ඔහු නුසුදුස්සෙකු කිරීමට උත්සාහයක් පවතින බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.