ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

December 29, 2023   01:15 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට පුහුණුකාර තනතුරු කිහිපයක් සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
 
ජාතික කණ්ඩායමේ පිතිකරණ, වේගපන්දු යැවීම, දඟපන්දු යැවීම සහ පන්දු රැකීම යන අංශ සඳහා එලෙස පුහුණුකාර තනතුරු වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යැවීම් පුහුණුකරු තනතුර සඳහා අයදුම්කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම, ඔහු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය‍ට ද අයදුම් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.