බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

May 3, 2024   10:27 pm

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය අද (03)  විවෘත කෙරුණි.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකෙරුණු එම අංශය විවෘත කෙරුණේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙලෙසම මාතර සහ ගාල්ල බන්ධනාගාර තුළද ජංගම අධිකරණ ශාලා විවෘත කිරීම සිදුවිය.