header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
JN.1 උපප්‍රභේදය සහ ශ්‍රී ලංකාවට ඇති වන බලපෑම
Dec 27, 202305:53 PM
JN.1 උපප්‍රභේදය සහ ශ්‍රී ලංකාවට ඇති වන බලපෑම
Mobitel 1278

කොවිඩ් රෝගය පළමු වරට හඳුනා ගැනුණේ, 2019 වර්ෂයේ අග භාගයේ දී චීනයේ වුහාන් ප්‍රාන්තයෙනි. නමුත් 2020 වර්ෂය වන විට එය සමස්ත ලෝකය ම ආවරණය වන පරිදි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර, කොවිඩ් රෝගය ලෝක මට්ටමේ වසංගත තත්ත්වයක් බවට පත් විය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් එය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ද ප්‍රකාශයට පත් කළේය. අමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය වැනි රාජ්‍යයන් කොවිඩ් රෝගය හේතුවෙන් බරපතළ අර්බුදයකට ලක් වූ අතර, කොවිඩ් -19 රෝගයෙන් බරපතළ හානිය සිදු වූ ආසියානු රට වන්නේ ඉන්දියාව යි. ශ්‍රී ලංකාවට ද කොවිඩ් හරහා ජීවිත හානි රාශියකට මුහුණ දීමට සිදු වූ අතර, මෙරට ජන ජීවිතය ද බරපතළ අර්බුදයකට ලක් විය.

කෙසේ වෙතත් ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක වූ එන්නත්කරණ වැඩසටහන හරහා 2022 වර්ෂය වන විට කොවිඩ් වසංගතය ඉතා ප්‍රබල ලෙස පාලනයකට ලක් විය. ඉන් පසු විවිධ අවස්ථාවල දී කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද මතු වූ අතර, අවසාන වතාවට ප්‍රකට ව ව්‍යාප්ත වූයේ, ඔමික්‍රොන් ප්‍රභේදය යි.

එහි උපප්‍රභේදයක් වන JN.1 මේ වනවිට ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ උපප්‍රභේදය ලෙස හඳුනාගෙන තිබේ. JN.1 ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයේ උපප්‍රභේදයක් ලෙස සඳහන් ය. එය පළමුවෙන්ම වාර්තා වූයේ, ලක්සම්බර්ග් රාජ්‍යයෙනි. ඒ, පසුගිය සැප්තැම්බර් මාසයේ දී ය.

අනතුරු ව ඉන්දියාව, යුරෝපය සහ අමෙරිකාවෙන් එහි ආසාදිතයන් වාර්තා විය. අමෙරිකානු සෞඛ්‍ය බලධාරින් පවසන්නේ, ලොව පුරා මේ වනවිට සක්‍රීය ව පවතින කොවිඩ් - 19 වෛරසයේ උපප්‍රභේද අතුරින් JN.1 ප්‍රබලම උපප්‍රභේදය බවයි.

මේ පිළිබඳ අද දෙරණ 'බිග් ෆෝකස්' වැඩසටහන තුළ අද (27) සාකච්ඡාවට ලක් විය. එහි සම්පත් දායකයන් ලෙස සම්බන්ධ වූයේ, වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා සහ වෛද්‍ය පර්‍යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ වෛද්‍ය රෝහිත මුතුගල යන මහත්වරුන් ය.

එහිදී ඔවුන් අවධාරණය කළ පරිදි මෙම JN.1 ලංකාව තුළ භයානක තත්ත්වයක් ඇති කිරීමට ඇති සම්භාවිතාවය අඩු බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දෙසැම්බර් 19 වැනි දා සඳහන් කර තිබුණේ, මෙම උප ප්‍රභේදය අනෙක් ප්‍රභේද තරම් අවදානම් සහගත එකක් නො වන බව යි. එනම් අවදානම අඩු එකක් බව යි.

විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල මහතා සඳහන් කරන්නේ, මෙම වෛරසය ශ්‍රී ලංකාවට ද ඇතුළු වී ඇති බව සෙවීම සඳහා සිදු කරන නියැදි පර්‍යේෂණ තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව යි. කෙසේ වෙතත් කොවිඩ් රෝගයේ තත්ත්වය මේ වන විට ඉතා අවම මට්ටමක පවතින බැවින් ලැබෙන සාම්පල ප්‍රමාණය ද සීමිත බව වෛද්‍යවරයා පැවසුවේය. ඒ අනුව අවසාන වරට සිදු කළ නියැදි පර්‍යේෂණය මීට සති දෙකකට පෙර සිදු කළ බවත් එම නියැදි සාම්පල තුළ ද අදාළ වෛරසය නො තිබුණු බවත් ඔහු අවධාරණය කළේය. විශාල රාජ්‍යයක් වන ඉන්දියාවෙන් ද මෙම උපප්‍රභේදය වැළඳුණු රෝගින් හමු ව ඇත්තේ, 5,000ක් පමණ වන බව පැවසූ වෛද්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙහි අසාධ්‍ය මට්ටම සාපේක්ෂ ව පහළ මට්ටමක පවතින බව පැවසීය.

කොවිඩ් රෝගයේ විවිධ ප්‍රභේද ගැන අපට අසන්නට ලැබිණි. එබැවින් වෙනස් වන ප්‍රභේදයෙන් ප්‍රභේදයට අනුව ශරීරය තුළ ඇති ප්‍රතිශක්තීකරණය ප්‍රමාණවත් ද යන පැනය ඕනෑම අයකු ගේ සිතේ ඇති විය හැක. දැනට අප විසින් ලබාගෙන ඇති එන්නත්වල ප්‍රතිශක්තිකරණය නව ප්‍රභේදවලට ඔරොත්තු දෙනවා ද යන්න එම සාධාරණ සැකයයි. මේ පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා පැවසුවේ, ඔමික්‍රොන් ප්‍රභේදයේ පැවති ප්‍රෝටීන්වලින් එක ප්‍රෝටීනයක වෙනසක් පමණක් නව උපප්‍රභේදයේ පවතින බව යි. එබැවින් වෛරස දෙක අතර විශේෂ වෙනසක් නො පවතින බවත් එන්නත්කරණය හරහා ලැබෙන ආරක්ෂාවට තර්ජනයක් සිදු නො වන බවත් ඔහු පැවසීය.

ශීත රටවල වෛරසයක් පැතීරීම වේගවත් වන නමුත් ශ්‍රී ලංකාවේ දේශගුණයට සාපේක්ෂ ව පැතිරීමේ යම් මන්දගාමී ස්වභාවයක් පවතින බව ද විශේෂඥ වෛද්‍යවරුන් ගේ අදහස විය. කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම සඳහන් කරන්නේ, හෘද රෝග, වකුගඩු බද්ද කළ පුද්ගලයන්, ගර්භණී කාන්තාවන්, ශ්වසන ආබාධ සහිත පුද්ගලයන්, පෙණහලු රෝගින්, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් මේ දිනවල අවදානයෙන් පසු වීම වැදගත් වන බව යි. ආහාර ලබා ගන්නා අවස්ථාවල හැර, පොදු ස්ථානවල දී මුව ආවරණ පැලඳීම, අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මෙම පුද්ගලයන්ට අනුගමනය කළ හැකි ආරක්ෂාකාරී සෞඛ්‍ය පුරුදු බව ඔවුන් ගේ මතය යි.

වෙනත් රටකින් මෙම රෝගය පැමිණේවී යන පදනම මත විදේශිකයන් පරීක්ෂා කිරීම් වැනි දෑ විශේෂයෙන් සිදු කිරීමට දැනට අවශ්‍යතාවක් නොමැති බව ද වෛද්‍යවරුන් ගේ අදහස යි. කෙසේ වෙතත් වෙන දාට වඩා හැකි පමණ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බව වෛද්‍යවරු සඳහන් කළ හ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

වෙට්ටු දැම්මොත් මට්ටු කරන විදිය වටගල කියයි.. | "විදේශයේ හිටියොත් රතු වරෙන්තු දාලා ගේනවා"

 "නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

"නුවර කළු පාලම කවදද ඉවර කරන්නේ ?" "ආ...ලබන අවුරුද්දේ මුල"

 මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

මට්ටක්කුලිය ලෙයින් තෙත් කළ මෝටර් රථ අනතුර සිදුවූ හැටි.. | පොලිස් විමර්ශන අඛණ්ඩව

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

පාදයේ ආබාධයක් නිසා අසරණ වූ සද්ධන්තයා | "දවස් 10ක් විතර මෙතන... වනජීවී එක...තවම ආවේ නෑ"

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

මට්ටක්කුලිය රත්කළ මාරක අනතුර - අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු ගංජා ගහලා ඉඳලා..

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

අල්ලස් එකෙන් අත්අඩංගුවට ගත් රේණුක රිමාන්ඩ්...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

ජනපතිගේ කොත්තමල්ලි කතාව : පවුලකට වෛද්‍යවරයෙක් - "කොත්තමල්ලි කතාව කියලා සමහරු විහිළු කරනවා...

දෙමටගොඩ කළු පාලම යට වෙඩිතැබීමක්.. ඉලක්කය ත්‍රීරෝද රථ රියදුරෙක්

දෙමටගොඩ කළු පාලම යට වෙඩිතැබීමක්.. ඉලක්කය ත්‍රීරෝද රථ රියදුරෙක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වැනි අදියර සාර්ථකව අවසන්...වන්දනාකරුවන් දිවයිනට..

fm දෙරණ දඹදිව වන්දනා 10 වැනි අදියර සාර්ථකව අවසන්...වන්දනාකරුවන් දිවයිනට..

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

දෙහිවල අත්බෝම්බ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර සැකකරුවන් ලැගුම්හලේ කාලය ගෙවූ හැටි

 "ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

"ඊළඟ පරම්පරාවේ නායකයෝ අපි දැනටමත් හදලා තියෙන්නේ"

 පරණ පත්තර කෑල්ලක් අරන් ඇවිත්නාමල් කියපු කතාව.. "එදා කෙල්ල විදියට හිටියේ..දැන් චුට්ටක් මෙහෙම වුණාට"

පරණ පත්තර කෑල්ලක් අරන් ඇවිත්නාමල් කියපු කතාව.. "එදා කෙල්ල විදියට හිටියේ..දැන් චුට්ටක් මෙහෙම වුණාට"

Lassana Flora
Spotlight
බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්