කතරගම දේවාලයේ අතුරුදන් වූ මහ කපුවා CCDයට භාරවෙයි
December 27, 2023 11:12 am
රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වී තිබේ.
අද (27) උදෑසන ඒ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සොමිපාල ටී. රත්නායක මහතා අතුරුදන්ව ඇති බවට ඔහුගේ දියණිවරුන් සහ තවත් පවුලේ ඥාතීයෙකු කතරගම පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.