ජල ගාස්තුවත් වෙනස් වෙයි ද ?
May 23, 2025 10:11 pm
විදුලි ගාස්තු ඉහළ නැංවුවද ජල ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් නොමැති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
සජිත් ප්‍රේමදාස - IMF ඊළඟ වාරිකය ලබාගන්නද විදුලිබිල 18%කින් වැඩි කරන්නේ ? දැන් අපිට අහන්න ලැබෙනවා ජල බිලත් වැඩිකරන්න යනවලු ඒකට සාපේක්ෂව?
"මම දැනගන්න කැමතියි ඔබතුමාගේ මොන සෝස් එකක් පදනම් කරගෙන ද දැනගන්න ලැබුණේ කියලා ? මට මතකයි ඔබතුමා කිව්වා අපි නිසි දත්ත සහ තොරතුරු මත පදනම්ව පමණයි කියලා යම් ප්‍රකාශ කරන්නේ කියලා. නමුත් දැන් ඔබතුමා කිව්වට දැනගන්න ලැබුණා කියලා. මම බොහෝම වගකීමෙන් කියන්න කැමතියි පානිය ජල ගාස්තු වැඩිකිරීමේ අවශ්‍යතාවයක් පැනනගින්නේ නෑ කියලා."