වන්දාමි ගෞතම සිරිපා විශේෂ කලාපය නිකුත් කෙරේ

වන්දාමි ගෞතම සිරිපා විශේෂ කලාපය නිකුත් කෙරේ

December 26, 2023   10:06 pm

වන්දාමි ගෞතම සිරිපා විශේෂ කලාපය ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වෙත පිළිගැන්වීම ඊයේ (25) සිදුකෙරුණි.

ඒ, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම් විජේරත්න දෙවගෙදර මහතා විසින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල විහාරය පරිශ්‍රයේදීය.

වන්දාමි ගෞතම සිරිපා විශේෂ කලාපය සබරගමුව පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතාගේ සංකල්පයක් මත ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන් අනතුරුව පැමිණි සිටි බැතිමතුන්ට නොමිලේ විශේෂ කළාපය සහ මුද්‍රිත සමන් දේව වර්ණ රූපයක් බෙදාදීම ද සිදුකෙරුණි.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් ඇතුළු පිරිසක් එක්විය.