සබරගමුව පළාතේ ගුරුවරුන් සඳහා ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක්

සබරගමුව පළාතේ ගුරුවරුන් සඳහා ඉංග්‍රීසි භාෂා පාඨමාලාවක්

December 20, 2023   09:26 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සබරගමුව පළාතේ පාසල් ගුරුවරුන් 755 දෙනෙකුට British Council මඟින් ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා දී තිබේ.

සබරගමුව පළාත් සභාව සහ British Council ඒකාබද්ධ ව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙක පදනම් කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

මාස හයක පාඨමාලාවක් වන මෙය, පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි ඉංග්‍රීසි ගුරුවරුන්හට සහභාගි වීමට හැකි වන පරිදි සකස් කර තිබේ.

මේ සඳහා සබරගමුව පළාත් සභාව වැය කරන මුළු මුදල රුපියල් ලක්ෂ 500ක් බව සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ නවීන් දිසානායක මහතා පැවසීය.