මනුෂ්‍යත්වය මහමඟ දමා ගිය හැටි සීසීටීවී කැමරාවේ

මනුෂ්‍යත්වය මහමඟ දමා ගිය හැටි සීසීටීවී කැමරාවේ

December 10, 2023   07:51 pm

පූගොඩ, දංගල්ල ප්‍රදේශයේ දී ලොරි රථයක ගැටී අනතුරට ලක් වූ 83 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යන මුවාවෙන් අතරමඟ දමා ගිය ලොරි රථ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට පූගොඩ පොලීසිය සමත් ව තිබේ.

ඊයේ (09) අලුයම එකට පමණ 83 හැවිරිදි පුද්ගලයෙකු ලොරි රථයක ගැටී ඇති අතර, ලොරි රථ රියදුරා ඔහු ව ලොරියට නංවාගෙන ඇත්තේ, රෝහල්ගත කිරීමට රැගෙන යන බව පවසමිනි.

එහෙත්, තුවාලකරු අනතුර සිදු වූ ස්ථානයට නුදුරින් බස්සවා ලොරි රියදුරා පළා යන ආකාරය සීසීටීවී කැමරාවක සටහන් ව තිබිණි.

කෙසේ වෙතත් පසු ව ඔහු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව පළා ගිය පුද්ගලයා සොයා පූගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ අනුව පන්නිපිටිය ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලොරිය ද සමඟිනි.

සැකකරු පූගොඩ මහේස්ත්‍රත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ.