ජනතාවගේ මනස ව්‍යවසායකත්වයෙන් පෝෂණය කරනවා - දිලිත්
April 30, 2025 10:50 pm
පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසු පිහිටුවන සර්වජන සභා තුළින් හොරණ ජනතාවගේ මනස ව්‍යවසායකත්වයෙන් පෝෂණය කරන බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ හොරණ පොකුණුවිට ප්‍රදේශයේ අද (30) පැවති ජනහමුවකට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,
"හොරණ ප්‍රාදේශීය සභාවේ නගර සභාවේ සියළුදෙනාටම කියන්නට තියෙන්නේ සර්වජන බලය ලෙස අපි මෙරට මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නිෂ්චිත වැඩපිළිවෙලක් ඇතුව. විශේෂයෙන්ම හොරණ ප්‍රාදේශිය සභාව අපි අනිවාර්යයෙන්ම බලය ගන්න එක ගන්නවාමයි. අපි මේ බලය ගත්තාම ඔබවත් නොහදුන මේ හොරණ ශක්‍යතාවය නැවත පණ ගන්වලා නිර්මාණශිලිව මේ හොරණට ලොකු පණක් දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා පළාත් පාලන ආයතන වලින් සාම්ප්‍රධායිකව සිදු වන කාර්යභාරය කරන්නට මේ නායකයෝ අවශ්‍ය වෙන්නේ නෑ. ඒන පුළුවන් කොමසාරිස්තුමියට කරන්නට.
මොකද ඒකේ තියෙන සාමාන්‍ය පරිපාලන කටයුතු කරගෙන යන්නේ. හැබැයි මේ නිර්මාණශිලි නායකත්වය දෙන්නටත් අලුත් දෙයක් කරන්නටත් ඒ වගේම දැන් අපි එකතුවෙලා ඉන්න මේ සර්ව ජන බලයත් එක්ක මේ දාර්ශණික ප්‍රවේශය ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණ කර ගැනීමට අපි යන ගමන මහ පොළෙවේ පාල කරමින් සර්ව ජන සභා තුළින් ව්‍යවසායකත්ව මනස පෝෂණය කරලා ඒ තුළින් හොරණ ජනතාවගේ ව්‍යවසායකත්ව මනස පෝෂණය කරලා අපි මේ හොරණ ජනතාව නැගිට්ටවන එක කාටවත් නවත්වන්නට බෑ. මේ ඇවිල්ලා රටට ආදරය කරන මිනිස්සුන්ගේ පදක්කම. ගහමු පදක්කමට කතිරය. මව්බිම දිනවමු".