header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
'දවාලෙ පායන චන්ද්‍රයා' සමඟ ආ සාජන් නල්ලතම්බි නැවතත් ජීවමාන වෙයි
Nov 30, 202301:04 PM
'දවාලෙ පායන චන්ද්‍රයා' සමඟ ආ සාජන් නල්ලතම්බි නැවතත් ජීවමාන වෙයි
Mobitel 1278

සාජන් නල්ලතම්බි යන නම ඇසූ ඉනික්බිති මතකයට නැඟෙන්නේ, දවාලෙ පායන චන්ද්‍රයා නම් ගීතය යි. තට්ට හිසක්, කුඩා උඩු රවුලක් හා පොලිස් ඇඳුමකින් හේ සමන්විත ය. ඔහු ගේ නළලේ අළු පැහැති රේඛා 03ක් ඇඳ ඇත. ඔහු දමිළ ජාතිකයකු බව ඉන් ගම්‍ය වේ. කැඩුණු සිංහලයෙන් කතා කරන දමිළ ජාතිකයකු ගේ අනුකරණයකින් සමන්විත සාජන් නල්ලතම්බි, 80 දශකයේ වඩාත් කතාබහට ලක් වූ වේදිකා නාට්‍ය චරිතයකි. එසේම සාජන් නල්ලතම්බි නාට්‍යය ගැන ද දශක ගණනාවක් ගෙවී ගිය තැනක සිට ප්‍රේක්ෂකයෝ යළි යළි කතාබහ කිරීමට උත්සාහ දරමින් සිටිති.

දහනායකගේ නිහාල් රංජිත් සිල්වා හෙවත් නිහාල් සිල්වා උපත ලබන්නේ, 1954 ජනවාරි 10 වැනි දා ය. 1989 දෙසැම්බර් 03 වැනි දා මිය ගිය නිහාල් සිල්වා වේදිකාව ප්‍රහසනයෙන් රංජනය කළ සුවිශිෂ්ට නළුවෙකි. 1989 දෙසැම්බර් 03 වැනි දා දෙහිවල දී අණ නො තකා රිය පැදවීම නිසා, මුරපොළක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් තැබූ වෙඩි පහරකින් නිහාල් සිල්වා මිය ගිය බව, ඔහු ගේ මරණය පිළිබඳ ඇති කතාව යි.

සාජන් නල්ලතම්බි වේදිකා නාට්‍ය පිටපත

දශක හතරකට ආසන්න කාලයක් පුරාවට ලාංකේය සහෘදකාමී හදවත් ප්‍රහසනයෙන් ස්පර්ශ කළ සාජන් නල්ලතම්බි වේදිකා නාට්‍යය ගැන කතා කළ යුතු තැන් බොහෝ ඇත. 1985 ඔක්තෝබර් 01 වැනි දා වේදිකාගත වූ සාජන් නල්ලතම්බි, අද දක්වාම ප්‍රේක්ෂක කතාබහට ලක් වෙමින් පවතින නාට්‍ය කෘතියකි. නිහාල් සිල්වා, කැළුම් ශිරෝමාලා, ආනන්ද වික්‍රමගේ, පාලිත සිල්වා, රෙක්ස් කොඩිප්පිලි වැනි රංගන ශිල්පීන් මේ සඳහා ස්වීය රංගන දායකත්වය ලබා දී ඇත. සාජන් නල්ලතම්බිහි නාට්‍යයේ පෙළ ගැන ද සාකච්ඡා කළ යුතු බොහෝ තැන් ඇත. නිහාල් සිල්වා ගේ 34 වැනි අනුස්මරණය දිනයට සමගාමී ව සාජන් නල්ලතම්බි නාට්‍යයේ පෙළ රචකයා ඇගයීමේ උත්සවයක් ගැන අපට අසන්නට ලැබිණි. එහි පිටපත් රචක මංජු කාරියවසම් මහතා ගේ පෙළ රචනා කාර්‍යය ඇගයීම සඳහා සහ නිහාල් සිල්වා ගේ අනුස්මරණය නිමිත්තෙන් මෙම අවස්ථාව සංවිධානය වී ඇත. සාමාන්‍යයෙන් බහුතරයක් කලා කාර්‍යයන්වල පිටපත් රචකයා, ගී පද රචකයා ගැන සාකච්ඡා වන්නේ අල්ප වශයෙනි. ඇතැම් විශිෂ්ට රචක‍යෝ තමා ගේ නිර්මාණ කාර්‍යය පිළිබඳ නො දැනගත් සමාජයක් තුළ ම හිඳ තමා ගැන කිසිවකුටත් නො පවසා දිවි ගමනට සමු දුන් හ. නමුත් සාජන් නල්ලතම්බි නාට්‍යයේ අවශේෂ නිර්මාණකරුන් හා ඒ පිළිබඳ සංවාදයක සිටින පිරිස විසින් මෙසේ එහි පෙළ රචකයා ඇගයීමට දරන උත්සාහය සැබැවින් ම අගය කළ යුතු එකකි.

සාජන් නල්ලතම්බි සහ නිහාල් සිල්වා පිළිබඳ රංගන ශිල්පිනී කැළුම් ශිරෝමාලා, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ ධර්මජිත් පුනර්ජීව සහ සාජන් නල්ලතම්බි නාට්‍යයේ පිටපත් රචක මංජු කාරියවසම් සමඟ ඉතා කෙටි පිළිසඳරක යෙදීමට අපට හැකි විය.

''ප්‍රහසන නාට්‍යයක් වුණත් සාජන් නල්ලතම්බි නාට්‍යය දේශපාලනමය වශ‍යෙන් ඉතා ම වැදගත් පණිවිඩයක් ලබා දෙන නාට්‍යයක්. බලය ගැන මුදල ගැන, මිනිසා මුදලට ඇදිලා යන හැටි ගැන මේකෙ චරිතවලින් කතා කරනවා. විශේෂයෙන් ම කතා කරන්න ඕනේ, නිහාල් සිල්වා ගේ චරිතය ගැන. දශක 04කට කිට්ටු වෙලත් සාජන් නල්ලතම්බි ගැන තවමත් මිනිස්සු කතා කරන්නේ, ඒ නාට්‍යය ඇතුළේ නිහාල් සිල්වා කරපු විශිෂ්ට රඟපෑම නිසා. සෙසු චරිත කොච්චර තිබුණත් සාජන් නල්ලතම්බි කියන්නේ, තනිකර ම වන් මෑන් ෂෝ එකක්. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි විශිෂ්ට රංගනයක්''

අප සමඟ කෙටි සංවාදයක යෙදුණු රංගන ශිල්පිනී කැළුම් ශිරෝමාලා මහත්මිය දැක්වුවේ එවන් අදහසකි.

සාජන් නල්ලතම්බි කියූ විට ඇතැම් අයට යම් පැටලිලි සහගත තත්ත්වයක් ඇති විය හැක. ඒ, සැබෑම සාජන් නල්ලතම්බි යනු, කවු දැ යි හඳුනා ගැනීමට ඇති ගැටලුව හේතුවෙනි. සාජන් නල්ලතම්බි යනුවෙන් නිෂ්පාදනය වී ඇත්තේ, එක ම එක නාට්‍යයක් පමණි. එහි ප්‍රධාන චරිතය හෙවත් සාජන් නල්ලතම්බි ගේ චරිතයට ප්‍රාණය දෙන්නේ, නිහාල් සිල්වා ය. නිහාල් සිල්වා ගෙන් ඇරඹි සාජන් නල්ලතම්බි උන්මාදය කෙතරම් කලා ලොව මුල් බැස ගත්තා ද කියතොත් එයින් පසු සාජන් නල්ලතම්බි පසුපස ගිය අනුකරණවාදී වේදිකා නාට්‍ය කලාවක් ද බිහි විය. අප සමඟ කතාබහ කළ නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීව මහතා සඳහන් කළේ, සාජන් නල්ලතම්බිට සමාන වූ චරිත හා නාට්‍ය පසුකාලීන ව බිහි වුණ ද සාජන් නල්ලතම්බි යනු, නිහාල් සිල්වා පමණක් වන බව යි.

''මේ නාට්‍යය ඉතා ම ජනප්‍රිය වුණා. ඒ නිසා ප්‍රහසනය හදාරන කෙනෙකුට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට වගේම නාට්‍යය උගන්වන අයටත් මේකෙ පිටපත කියවන්න ලැබෙන එක ඉතා වැදගත්. මේක හාස්‍යෝත්පාදක නාට්‍යයක් ම විතරක් නෙවෙයි. ගොඩක් අය හාස්‍යෝත්පාදක නාට්‍යය පීචං කියන තැනට දාලා තමා සලකන්නේ. නමුත් සාජන් නල්ලතම්බි ඇතුළේ ගැඹුරු දේශපාලන කියවීමක්, තේමාත්මක අර්ථයක් තියෙනවා. ඒ නිසා මේ නාට්‍යයේ පිටපත අධ්‍යයනය කිරීම ඉතා වැදගත් කාරණයක්. ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමා සාජන් නල්ලතම්බි ප්‍රතිනිෂ්පාදනය කරන්නේ නැත්තේ, ඇයි කියන එක. කලින් පෙන්වපු නාට්‍යයක් නැවත නිෂ්පාදනය කිරීම අසාර්ථක යි කියලා මතයක් තියෙනවා. ඒත් මනමේ, සිංහබාහු වගේ නිර්මාණ කෘතිවලට ඒක අදාළ කරන්න අමාරුයි. මොක ද ඒවා ලංකාවේ අධ්‍යාපනය ඇතුළේ, විභාග ක්‍රමය ඇතුළේ අධ්‍යයනයට ලක් වෙන නාට්‍ය. කොහොම නමුත් සාජන් නල්ලතම්බිවලටත් තවම ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා අපි එහි ප්‍රතිනිෂ්පාදනයක් ගැන හිතමින් ඉන්නවා.

ගොඩක් අය කතා කරනවා නිහාල් සිල්වා ගේ මරණය ගැන. අණ නො තකා රිය ධාවනය කිරීම නිසා තැබූ වෙඩි පහරකින් ඔහු මැරුණා කියන එක තමා ඔහු ගේ මරණය ගැන තියන ප්‍රචලිත ම කතාව. කොහොම වුණත් ඔහු මිය යන්නේ, වයස අවුරුදු 34 දී. ඔහු එහෙම අඩු වයසකින්, අකාලයේ මැරෙන්න ඕන කෙනෙක් නෙවෙයි. මගේ අදහස නම් දේශපාලනික නො වුණා නම් ඔහු තවමත් ජීවත් වෙලා ඉඳීවි කියන එක. විජය කුමාරතුංග, ජැක්සන් ඇන්තනී වගේ අයට ආදේශක නළුවෙක් තමා නිහාල් සිල්වා කියන්නේ. කලාකරුවන්ට දේශපාලනය අකැප යි කියන එක ඔප්පු කරලා පෙන්වපු තවත් නළුවෙක් තමා නිහාල් සිල්වා කියන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඒක''

වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ ධර්මජිත් පුනර්ජීව මහතා දැක්වූයේ එවැනි අදහසකි.

නිහාල් සිල්වා ගේ 34 වැනි ගුණානුස්මරණය හා සාජන් නල්ලතම්බි වේදිකා නාට්‍යයේ පිටපත් රචක මංජු කාරියවසම් මහතා ඇගයීමේ උත්සවය එළැඹෙන දෙසැම්බර් මස 03 වැනි දා උදාසන 10.00ට සුදර්ශී සිංහල සංස්කෘතික ආයතනයේ දී පැවැත්වීමට නියමිත ය. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ, ශක්ති රංග ශිල්ප ශාලිකාව යි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ලේඛක මංජු කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර යන මහත්වරුන් සහභාගි වීමට නියමිත ය. එහි දී නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීව මහතා විසින් 'Script Doctor Actor' පෙළ චිකිත්සක නළුවා යන කාරණය සංගෘහිත වූ දේශනයක් සිදු කිරීමට ද නියමිත ය. උත්සවයෙන් පසු නිහාල් සිල්වා මහතා සිහිපත් කරමින් දහවල් දානය පිළිගැන්වීමට නියමිත බව ද වාර්තා වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දෙහිවල නිවසකට අලුයම එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයේ අලුත්ම තොරතුරු | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

දිය පොදක් නැති කාෂ්ටක පොළොවේ ඉබාගාතේ යන ගවයින් - "සතියකට එක පාරක් වතුර දෙනවා" | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

අමෙරිකාව නොසිතූ ඉරණමකට මුහුණදුන් 9/11 ප්‍රහාරයට වසර 25යි | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

හෝමූස් සමුද්‍රසන්ධියේ තහනම් කලාපයක් ඉරානය නම්කරයි - ඇතුළු වුණොත් ප්‍රහාර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් විශාලා නුවරට | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ආර්ථික අර්බුදයේ විඳපු දුක් යළි මතක් කළ මහබැංකු අධිපති | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

ණය වැඩසටහනේ 7වැනි සමාලෝචනයට ආ IMF දූත පිරිස | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

අතුළට ගිය හිටපු ඇමති පියංකර තවත් නඩුවකට අද අධිකරණයට | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

පොහොට්ටුවේ රැළියට එක්වෙන හේතුව විමල් හෙළිකරයි | Ada Derana

 මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ජනපති ගෝඨාභය FCIDයට පැමිණි අයුරු..

 මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

මහ පාන්දර දෙහිවල රත්කරමින් නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරය...

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

කතෝලික, මුස්ලිම් හා හින්දු ආගමික නායකයින් හමුවූ ජනපති

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

මිග් යානා ගනුදෙනුව ගැන කියන්න ගෝඨා හෙට FCIDයට?

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

නීතිඥ සංගමයේ සභාපති රජිව්ට ඇති වූ බිය...

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

වැඩ අතරමග නැවතී ඇති පාරක් නිසා දුක් විඳින මිනිස්සු

Lassana Flora
Spotlight
පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

පහරදීම් සිනමාවේදී පමණයි | ගල්කිස්ස මහෙස්ත්‍රාත්ගෙන් නළු හේමාල්ට අවවාද| Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

ඥානසාර හිමි යළි හිරේ? මහාචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා කියයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

පැරණි ප්‍රභූ නිවසක වළකින් උණ්ඩ 3,711ක් හමුවෙයි | Ada Derana

 'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

'බඩෝවිට අවිශ්ක'ගේ මිතුරකුගේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් | Ada Derana

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana