දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් XI අවසන් මහා තරගය ඇරඹෙයි

දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් XI අවසන් මහා තරගය ඇරඹෙයි

November 25, 2023   07:33 pm

යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර "දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - XI" අවසන් මහා තරගය අති උත්කර්ෂවත් අන්දමින් මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදීය.

මෙවර DREAM STAR තරගය විශේෂ වන්නේ, අවසන් තරගකරුවන් තිදෙනාම තාරකාවියන් තිදෙනෙකු වීමය.

සිහින කිරුළ වෙනුවෙන් අපූර්වා ආශාවරී, අංජලී හේරත් සහ විදූෂා රාජගුරු තරග වැදීමට සූදානමින් සිටී.

මෙම සජීවී අත්දැකීම ඉහතින් නරඹන්න..