වෙනිසියුලාවට ප්‍රහාර එල්ලවූයේ අමෙරිකාවෙන්
January 3, 2026 01:51 pm
වෙනිසියුලාවේ කරකස් අගනුවර සිදුවූ පිපිරීම් මාලාව ප්‍රහාරයක් බවත්, ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග ලබා දී ඇති බවත් BBCය තහවුරු කර තිබේ.
එරට වේලාවෙන් අද (3) අලුයම 1.50ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබුණි.
ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ වෙනිසියුලානු හමුදා කඳවුරු කිහිපයක් බව සඳහන්.
ඒ හේතුවෙන් නගරයේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම මේ වනවිට අඩාල වී තිබේ.
පිපිරීම්වලින් අනතුරුව නගරයට ඉහළින් ගුවන් යානා පියාසර කරන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර වෙනිසියුලාවේ ඇති වූ ප්‍රහාර හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එරට ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ද වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ විසින් පියවර ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
