අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමක්

අධික වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩා වැටීමක්

November 22, 2023   06:19 pm

අද (22) සවස ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ඇඹිලිපිටිය, ගොඩවෙල හරහා ඌරුබොක්ක මාර්ගයේ කැම්පනේ ප්‍රදේශයේ පස් කඳු, ගස් හා විදුලි කනු කඩා වැටීම හේතුවෙන් සම්පූර්ණයෙන් අවහිර වී ඇත.

⁣එම ප්‍රදේශයේ මේ වන විට විදුලිය ද බිඳ වැටී ඇති බව වාර්තා වේ.

එම ප්‍රදේශවලට තවමත් වැසි ඇදහැලෙමින් පවතින බව සඳහන්ය.

මිට පෙර ද කිහිප අවස්ථා කිහිපයක දී මෙම මාර්ගය නාය යෑම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇත. 

මීට අමතර ව ගොඩවෙල කන්ද ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ද පස් කඳු මාර්ගයට කඩා වැටී ඇති බව වාර්තා වේ.