ලොව වයස්ගතම පුද්ගලයා මියයයි
සයුරෙන් එතෙර

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

January 4, 2025   06:17 pm

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටී ජපානයේ "ටොමිකෝ ඉටූකා" මියගොස් තිබේ.

වයස අවුරුදු 116ක් වූ ඇය බටහිර ජපානයේ අශියාහි රෝහලදී මියගොස් ඇති බව ජපාන බලධාරීන් තහවුරු කර ඇත.

1908 වසරේ උපත ලැබූ "ටොමිකෝ ඉටූකා" පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලොව වයස්ගතව පුද්ගලයා ලෙස ගිනස් කමිටුව මගින් නම් කර තිබුණි.

පසුගිය සැප්තැම්බර් මාසය වනවිට ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින් 95,000ක් වාර්තා වී තිබූ අතර ඉන් 88%ක්ම කාන්තාවන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේවෙතත් වැඩිහිටි ජනගහනය ඉහළ යාමත් සමග සෞඛ්‍ය හා සුබසාධන වියදම් වැඩිවීම හා ශ්‍රම බළකාය අඩුවීම ජපාන ආර්ථිකයට ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇති බවද සඳහන්ය.