කෝප් කමිටුවට සිදුවූ දේ රොෂාන් හෙළිකරයි

කෝප් කමිටුවට සිදුවූ දේ රොෂාන් හෙළිකරයි

November 19, 2023   03:55 pm

කෝප් කමිටුවේ ඇතැම් ක්‍රියා හේතුවෙන් පාලිර්මේන්තුවත් උපහාසයට සහ අපහාසයට ලක්වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

"අපි දැක්කා කෝප් එකත් චිත්‍රපටියක් කරන්න හදනවා. චිත්‍රපටිත් එහෙමනේ සැලසුම් තියෙනවානේ. මම දැක්කා සමහරු.. මේ කෝප් එක තියෙන්නේ පැය දෙකයි. ඒ පැය දෙකේ වටිනා ප්‍රශ්න රාශියක් තියෙනවා අහන්න ඕනේ. ඒ ප්‍රශ්න පැත්තක තියලා සමහරු වෛද්‍යවරු ගැන අහනවා. එකම දේ අහනවා. සමහරු චක්‍රලේඛ ගැන අහනවා. මෙහෙම කාලය කා දැමීමක් අපි දැක්කා. මම දැක්කා ඒකේ පාර්ලිමේන්තුවත් උපහාසයට අපහාසයට ලක්වුණා. මොකද දාලා තිබුණා කෝප් එක පත්කළේ හොරු අල්ලන්න. බලපුවාම හොරු කෝප් එක අල්ලා කියලා. හරි නිර්මාණශීලි ඒවා සමාජ මාධ්‍යයේ දානවා සමහර අය."