විරාට් කෝලි සිය 50 වැනි එක්දින ශතකය වාර්තා කරයි

විරාට් කෝලි සිය 50 වැනි එක්දින ශතකය වාර්තා කරයි

November 15, 2023   05:08 pm

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වනවිට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ශතකයක් වාර්තා කළේය.

ඒ අනුව ඔහු රැස් කළේ, සිය එක්දින දිවියේ 50 වැනි ශතකයයි.

ඒ සමඟම ජගත් එක්දින පිටියේ වැඩිම ශතක ලාභියා ගේ වාර්තාව තමන් සතු කර ගැනීමට ද විරාට් කෝලි සමත් විය.

මීට පෙර සචින් සචින් ටෙන්දුල්කාර් සහ විරාට් කෝලි ශතක 49 බැගින් රැස් කරගෙන සිටියහ.

විරාට් කෝලි සිය ශතක 50 සම්පූර්ණ කළේ, ඉනිම් 279කින් වූ අතර, සචින් ටෙන්දුල්කාර්ට ඒ සඳහා ඉනිම් 452ක් ක්‍රීඩා කිරීමට සිදු විය.

විරාට් කෝලි සිය ශතකය පන්දු 108කින් සම්පූර්ණ කළ අතර, ඊට හතරේ පහර 09ක් සහ එක් 06 පහරක් අන්තර්ගත විය.