කොළඹට ආ චීන නෞකාවට අද දෙරණ යයි

කොළඹට ආ චීන නෞකාවට අද දෙරණ යයි

October 26, 2023   08:30 pm

ඉන්දීය රජය දැඩි අවදානයෙන් සිටි ෂි යෑන් 06 චීන පර්යේෂණ නෞකාව ඊයේ (25) දිවයිනට සේන්දු විය. 

එම නෞකාවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට අද දෙරණ ප්‍රවෘත්ති කණ්ඩායමට අද (26) අවස්ථාව උදාවී තිබුණි. 

චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යෑන් 06 නෞකාව පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරන ඉන්දියාව, මීට මාස කිහිපයකට පෙර යුවාන් වෑන්ග් 05 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණීමේදී ඊට විරෝධය පළකළේය.

ඒ එම නෞකාව මගින් දකුණු ඉන්දියාවේ සිය සංවේදී මරමස්ථානවල තොරතුරු ග්‍රහණය කළහැකි බව පවසමිනි.

කෙසේවෙතත් අප කළ විමසීමකදී නෞකාවේ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානී මහාචාර්ය වෙයියෑන්ග් වැන්ග් මහතා පැවසුවේ, ශ්‍රී ලංකා වෙරළ ආසන්න සාගර කලාපයේ විශේෂ පර්යේෂණ කිහිපයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.

"සාගර පර්යේෂණ කිරීමේ අධි තාක්ෂණික උපකරණ නෞකාව සතුයි. මාස 2කට වැඩි කාලයක් සාගර පර්යේෂණ කටයුතු සිදුකළ හැකියි. සාගර භූ විද්‍යාව සහ සාගර ජෛවවිද්‍යාව ගැනයි අපේ අවධානය යොමු කරන්නේ." 

"ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශ සහ විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධව අප කටයුතු කරනවා. චීන සහ ශ්‍රී ලංකා විද්‍යාඥයින් එක්වී වෙරළ ආසන්නයේ අධ්‍යයන කටයුතු කිරීම තමයි අපේ අරමුණ." 

"අපේ අවධානය විද්‍යාත්මක පරීක්ෂණ ගැන පමණයි. දේශපාලනය අපට අදාළ නෑ. ඕනේ කෙනෙක්ට මම කියන්නේ අපේ නැවට ඇවිත් බලන්න පුළුවන්."