මාර්ගගත ක්‍රම පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක්
October 18, 2023 12:18 pm
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 45ක් මේ වන විට ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
අද (18) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු පැවසුවේ, "ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 121 1 ව්‍යවස්ථාව ප්‍රකාරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 2023 ඔක්තෝම්බර් 04, 06 සහ 17 දිනයන් හි මා විසින් නිවේදනය කරන ලද පෙත්සම් 34ට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් 11ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි," යනුවෙනි.