header logo
Vallibel FD
Selan Bank
විශේෂාංග
ජැක්සන් ඇන්තනී ගැන මතකාවර්ජනයක්
Oct 12, 202301:52 PM
ජැක්සන් ඇන්තනී ගැන මතකාවර්ජනයක්
Mobitel 1278

කොන්ගානිගේ ජෝසප් මල්සි ජැක්සන් ඇන්තනී හෙවත් අප කවුරුත් දන්නා ජැක්සන් ඇන්තනී උපත ලබන්නේ, 1958 වර්ෂයේ ජූලි 08 වැනි දා රාගම දී ය. එතැන් සිට 2023 ඔක්තෝබර් 09 වැනි දා දක්වා ඔහු ගේ ජීවන ගමන තුළ පැවති සාහිත කලා සෞන්දර්‍යය ඉතා පුළුල් වූත් විචිත්‍ර වූත් එකකි. ඔහු විටෙක රංගන ශිල්පියෙකි. වේදිකාව, රිදී තිරය සේම පුංචි තිරය ද ඔහු එක සේ ජය ගත්තේය. ඔහු තවත් විටෙක ගායකයෙකි. දෑස පියා ගත් කල මැවෙන්නේ, ඔබේ රුව බව කුමාරියට හඬ ගා ගැයුවේ ජැක්සන්ය. ලන්දේ උකුල උඩ නින්ද ගොස් තිබුණේ එරබදු මල් බවත් ඒවා වසන්ත කාලයේ දී ඇස් ඇර ඇති බවත් ඔහු පැවසුවේය. ඔහු තවත් විටක ඉතිහාස ගවේෂකයෙකි; සංස්කෘතික රස්තියාදුකාරයෙකි. ප්‍රබන්ධ රචනයේ ද සූරයකු වූ ජැක්සන් ඇන්තනී, කන්ද උඩ ගින්දර නම් රචනාව හරහා සිය ප්‍රබන්ධමය සාමර්ථ්‍යය රටට කියා පෑවේය. තවත් විටක ඔහු දක්ෂ නිවේදකයෙකි. තවත් විටෙක ගුරුවරයෙකි. ලොවෙන් එකෙක් එක දෙයකට සමත් වන බවට සුභාෂිතය පැවසූ වදන ජැක්සන් ඇන්තනීට සාපේක්ෂ ව මිත්‍යාවකි. ඔහු ක්ෂේත්‍ර ගණනාවක ම සිය සූර හැකියාව ප්‍රදර්ශනය කළේය.

ජැක්සන් ඇන්තනී සතර අභිනය පෑ වේදිකා නාට්‍ය,

බෙර හඬ
අත්
ඔත්තුකාරයා
මෙතනින් මාරු වෙනු
ලෝමහංස
තාරාවෝ ඉගිලෙති
මධුර ජවනිකා
මහා සමයම
ධවල භීෂණ

ජැක්සන් ඇන්තනී හඬ මුසු කළ ගීත

සිතේ සුසුම් නිවන ගයන (ක්ලැරන්ස් විජේවර්ධන සමඟ)
දෑස පියා ගත් කල (ක්ලැරන්ස් විජේවර්ධන සමඟ)
දේවතාවන් සිටින දවල් (ක්ලැරන්ස් විජේවර්ධන සමඟ)
රෑ තාරකාවෝ (ක්ලැරන්ස් විජේවර්ධන සමඟ)
ලන්දේ උකුල උඩ (කුමාරි මුණසිංහ සමඟ)
බණ්ඩාර දෙයියෝ ටෙලි නාට්‍යයේ තේමා ගීතය
අහස පොළව උහුලනවලු (පවුලේ සාමාජිකයන් සමඟ)

ජැක්සන් ඇන්තනී රඟපෑ චිත්‍රපට

ගුරු ගෙදර
චිට්ටි
අයෝමා
විසි දැල (1994)
ලොකු දුව (1994)
භව දුක
භව කර්ම
ගිනි අවි සහ ගිනි කෙළි
අස්වැසුම
අග්නිදාහය (2002)
සූරිය අරණ (2004)
මිල්ල සොයා (2004)
රන්දිය දහර (2004)
ගරිල්ලා මාකටින් (2005)
ධීවරී (2006)
කුරුලු පිහාටු (2006)
ප්‍රවේගය (2015)
ඇඩ්‍රස් නෑ (2015)
ධර්ම යුද්ධය(2017)
ක්ෂීර සාගරය කැලඹිණ
දඩඉම
විෂම භාග
මහරජ ගැමුණු
කුස පබා

ඝරසරප

ප්‍රේක්ෂකයා ගේ ඉමහත් ජනාදරයට පත් රූපවාහිනී වැඩසටහන් කිහිපයක් ද ජැක්සන් ඇන්තනී ඉදිරිපත් කළේය. ඒ අතරින් ගඟ දිගේ, සලංහන්තේ, මහා සිංහලේ වංශ කතාව වැනි වැඩසටහන් පිළිබඳ අදටත් මිනිසුන් කතා කරන්නේ, ඉමහත් වූ ප්‍රියතාවකිනි.

ඔහු හිමි කර ගත් සම්මාන පිළිබඳ සාකච්ඡා කිරීම සහ සඳහන් කිරීම සැබැවින්ම ඉතා අපහසු වැඩකි. එතරමට ම ඔහු ගේ සම්මාන ලැයිස්තුව ඉතා දීර්ඝය. වසර 65ක දිවිය තුළ ඔහු කළ සාහිත්‍ය කලා මෙහෙවර මෙන්ම ඒ සඳහා ඔහුට ලැබුණු ඇගයුම් ද විශාලය. කෙසේ හෝ ඒ විසල් පෞරුෂය දිවි ගමන නිමා කර ඇත. හදිසි අනතුරක් හේතුවෙන් දින 500ක් පමණ රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටි මෙම අසහාය මිනිසා පසුගිය 09 වැනි දා දිවියෙන් සමු ගත්තේය. ඒ සිංහල සිනමාවට, ටෙලි නාට්‍යයට පමණක් නොව සකල කලාවන් සඳහාම පිරවිය නො හැකි රික්තකයක් ඉතිරි කරමිනි.

ජැක්සන් ඇන්තනී ගේ මිය යාමත් සමඟ ඔහු පිළිබඳ විවිධ පාර්ශ්වයන් විවිධ දෑ පවසනු අපට දැකගත හැකි විය. ඔහු අනතුරට ලක් වීමත් ඉනික්බිති ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමත් ආදී දෑ සිදු වූ දින 500ක පමණ කාලය පිළිබඳ නැවත නැවත මතක් කළ යුතු නැත. එසමයෙහි සිදු වූ සියලු දෑ පිළිබඳ මෙරට ජනයා සක්සුදක් සේ දනිති. ඒ ආශ්‍රිත ව සිදු වූ දේ හා විවිධ පිරිස් පැවසූ දේ පිළිබඳ නැවත සිහිපත් කිරීම නුසුදුසු යැයි අපි සිතමු. මන්ද කුමක් පැවසුව ද කවුරුන් නිවැරැදි ද වැරැදි ද කියා සොයා ගත්ත ද දැන් ජැක්සන් ඇන්තනී අපෙන් සමු ගෙන ඇති බැවිනි. එබැවින් අප කුමන නිගමනයකට එළැඹුණ ද ජැක්සන් දැන් ඇත්තේ, දෙව් මව් තුරුලේය.

ජැක්සන් උපන්නේ, රාගම ප්‍රදේශයේ කතෝලික ආගමිකයකු ලෙස කතෝලික සභ්‍යත්වයේ හැදී වැඩෙමිනි. නමුත් අප දන්නා ජැක්සන් යනු, සිංහල - බෞද්ධ ඌරුවක් සහිත මනුෂ්‍යයෙකි. ඔහු නිරන්තර කතා කළේ සිංහල සංස්කෘතියේ විසිතුරු හැඩතලයන් පිළිබඳ ව ය. ඒ සඳහා ඔහු ගම් නියම් ගම් පසු කරමින් ඇවිද ගියේය. සිය ගවේෂණ චාරිකා බොහෝමයක් ඔහු නිම කළේ, අමු සිංහල ගැමියකු ලෙස ය. මෙකී තත්ත්වය පිළිබඳ ඇතැම් පුද්ගලයන් විවිධ අදහස් පළ කර තිබිණි. නමුත් අපට නම් පෙනෙන්නේ, විවිධ සංස්කෘතීන් හා ආගමික සභ්‍යත්වයන් එකිනෙක යා කළ මහාර්ඝ පාලම ජැක්සන් ඇන්තනී බවයි.

''පළමුව මම වැන්දා බුදුන් සිහි කරගෙන ඒ ගුණ කඳ'' යනුවෙන් ප්‍රිය සිනා පාමින් කළ මධුර ජවනිකාව යළිත් අපට නො පෙනෙනු ඇත. පළිඟු මැණිකේහී සූරසේන සමඟ ගම්මානය දෙවනත් කළ විජේපාල දැන් මතකයක් පමණි. වෙද හාමිනේහී අන්තෝනියෝ ද ඔබට අමතක නැතැයි අපි සිතමු. ඒ සියල්ලටත් වඩා වේදිකාව පුරා සිත්කලු රැඟුමක යෙදෙමින් තාරාවෝ ඉගිලුණ අයුරු පෙන්වූ ජැක්සන් ව නම් කිසි දා කිසිවකුට අමතක නො වනු ඇත. සෝබාව දෙන ලාංකේය කලා නගරයේ ජේත්තුකාර මිනිසුන් ගේ මතක තුළ ජැක්සන් ඇන්තනී නම් සුලකුණ සදාකාලික ව පවතිනු ඇත.

ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරාරච්චි, මහේන්ද්‍ර පෙරේරා, ආදී සමකාලීන මිතුරන් සමඟ බැඳි ජැක්සන් ගේ රංගන දිවිය ගැන කතා කළ හැකි දෑ බොහෝමයකි.

මේ ජැක්සන් ඇන්තනී නම් සිය මිතුරා සිහිපත් කළ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා,

''ජැක්සන් ඇන්තනී සහ මා අතර ඇති මිතුරුකමට දැන් දශක 04ක් පමණ වෙනවා. අපි මුලින්ම කලාව පටං ගත්තේ, 70 දශකයේ. දශක ගණනාවක් තිස්සේ අපේ මිත්‍රත්වය ශක්තිමත් වුණා. අපිට ඉදිරියට එන්න දැං වගේ කෙටි පාරවල් තිබුණේ නෑ. ගොඩක් දුක් විඳලා තමා ඉදිරියට ආවේ. මුලිං ම අපි ආවේ වේදිකාවට. එතැනින් ටෙලි නාට්‍යයට. ලංකාවෙ තුන්වෙනි ටෙලි නාට්‍යයේ මමයි ජැක්සනුයි රඟපෑවා. පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ විජේපාලට රඟපෑවේ ජැක්සන්. මම සූරසේන ගේ චරිතය. සිනමාවෙ දි මුලින් ම මට ජැක්සන් ව හම්බෙන්නේ, ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේ දි. ඒකෙ මම රඟපෑවෙ මහවත්තෙ ලෝකය ගෙ චරිතය. ජැක්සන් හිටියෙ තුම්මුල්ලෙ පද්මෙ ගෙ චරිතයට. ඊට පස්සෙ ජැක්සන් අපිට වඩා ගොඩක් ඉස්සරහට ගියා. ඔහු දක්ෂ නළුවෙක්, දේශ ගවේෂකයෙක්, ග්‍රන්ථ රචකයෙක්, නිවේදකයෙක්, ගී පද රචකයෙක්, ගායකයෙක්, විචාරකයෙක්. මේ හැම හැකියාවක් ම තියන වෙන කවු ද ලංකාවෙ ඉන්නේ? මහා ප්‍රඥාවක් තිබුණු ඉතා වටිනා නිධානයක් තමා ජැක්සන් ඇන්තනී කියන්නේ. එහෙම වටින මහා නිධානයක් තමා අපි අද වළ දාන්න හදන්නේ. මම හිතන විදියට ජැක්සන් වගේ කෙනෙක් අපේ මිනිස්සුන්ට බර වැඩී. අපේ මිනිස්සු ජැක්සන් ව ගත්තෙ වෙනස් විදියකට. කොහොම වෙතත් ජැක්සන් දැන් අපෙන් සමු අරං ඉවරයි. ඒත් අපිට පුළුවන් ආයෙත් මුලට ගිහිං ජැක්සන් ව කියවන්න. ඔහු ගේ නිර්මාණ විච්ඡේදනය කරලා මුල ඉඳං මිනිස්සු කියවන්න ඕනේ. ඔහු අපට සිටිය මහා පෞරුෂයක්. අපිට නැති වුණේ, ඒ දැවැන්ත පෞරුෂය, ඒ මහා දැනුම් සම්භාරය. ඕන කෙනෙකුට අන්තර්ජාලයේ හොයලා බලන්න පුළුවන්. මෙහෙම හැකියාවන් විශාල ගණනක් තිබ්බ නළුවො ලෝකෙ ඉඳලා තියෙන්නේ ඉතාම අඩුවෙන්. ජැක්සන්ට සම්මාන 52ක් තියෙනවා. සම්මාන 52ක් තියන කිසිම කෙනෙක් ලංකාවෙ නෑ. අපි ඔහු ව කියෙවුවා මදි කියලයි මට හිතෙන්නේ. ඔහු බොහොම සැහැල්ලු, සිනාමුසු මනුෂ්‍යයෙක්.

පහුගිය කාලෙ ජැක්සන් ගැන මුහුණුපොතේ කියපු දේවල් එක්ක මට ඔහු ගැන අවසාන වශයෙන් මෙහෙම දෙයක් කියන්න පුළුවන්. ඒ තමා සුබ සහ යස නාට්‍යයේ යසලාලක තිස්ස රජතුමා කරන ප්‍රකාශයක්. මටත් ජැක්සන් ගැන අවසාන වතාවට කියන්න තියෙන්නේ ඒ ප්‍රකාශය.

''තොපි ඕන එකෙක් ඔය සිංහාසනයේ බුදිය ගනිව්. මට ඕන රජකමක් නෑ. තොපි ඕන එකෙක් ගිහිල්ලා රජ වෙයව්. මම මේ යන්නේ, මේ වියරු පුරයෙන් ඈත් වෙන බව හැමෝට ම කියලා එන්න''

සටහන: තරිඳු හර්ෂණ අමරසිංහ

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

යාලේ ලූකස් කාලෙකට පසුව එළි බහී | වෙච්ච කරදරේ කැමරාවේ...

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

ආහාර සහ ජලය නැතිව පුලතිසිපුරයේ දුක්විඳින සද්ධන්තයෝ

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

නිදි යහනේදීම අත්බෝම්බයට බිලිවූ අයියයි මල්ලියි - "ඇයි මෙහෙම කරන්නේ...සල්ලිවලටද?" | Ada Derana

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

අණ නොතකා වාහන හප්ප හප්පා ගිය වෑන් රිය - "බස් එකෙත් හැප්පුවා, ජීප් එක හරස් කරා...අයිනෙන් යන්න හැදුවා"

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

ආබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමතක නොකළ අගමැතිනිය - 16,000කට නේවාසිකාගාර - මසකට රු. 5,000ක දීමනාවක්

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් කපිලවස්තු පුරයට | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

කිරුළ රැකගන්න‍ චමරිගේ සූදානම - ''අපිට ආයෙත් පුළුවන් ආසියානු ශූරියන් වෙන්න'' | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

ලෝකයම බලාසිටින 'BRICS' සමුළුව - 'නවදිල්ලි ප්‍රකාශය' ලෙසින් ඒකාබද්ධ ප්‍රකාශයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

AI නිසා මානව සංහතිය අවදානමේ? - ඕනෑම විද්‍යුත් උපකරණයක් හැක්කරන සුපිරි තාක්ෂණයක් | Ada Derana

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

22ට එරෙහිව සජබය 24 වැනිදා කොළඹට

 දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සැරසෙන වැඩවර්ජනයට පළමුවරට දුම්රිය මගී සංගම්වලත් සහය

 ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

ක්ෂණික තීරණයකින් ජීවිත රැසක් බේරාගත් ලංගම රියදුරා..."ඉස්සරහා රෝදේ ගැලවිලා මගේ මුණට ආවේ..."

 20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

20 හැවිරිදි තරුණයා රෝහලට යැවූ බිහිසුණු අනතුර - බයික් එක උඩින් යන හැටි CCTV කැමරාවේ...

 දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

දිට්වා විනාශකළ කඩිගමුව පාලමේ අද තත්ත්වය...පරීක්ෂණ දුම්රියක් බලන දක්වා යයි

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

එල් නිනෝ දරුණුයි..ඉදිරි මාස 4 ගැන රතු එළියක්

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

කෙහෙළියට එරෙහි බාල බෙහෙත් නඩුව..පැමිණිල්ලේ නීතිඥවරිය අධිකරණයට එන්න ප්‍රමාදවීමෙන් සැවොම අපහසුතාවට

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය -  මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

දරු දෙදෙනා බිලිගත් දෙහිවල බෝම්බයේ අලගිය - මුලගිය තැන්... කල්ලි 2ක ගැටුමක් - ඉලක්කය වරදී

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

එයාර් බස් ගනුදෙනුව.. ඩොලර් ලක්ෂ 20 අල්ලස් සිදිධියේ ප්‍රධාන සැකකරු නාමල් ?

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

රු.100ක වතුර බෝතලය 130ට වික්ක කඩේට 750,000ක දඩයක්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

විභාග රාජකාරී අතරේ සූර්වී පාසලේ දේපළට හානි කරලා... කොස්තාපල්ගේ වැඩ තහනම්

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

අයථා මුදල්වලින් මහල් නිවාසයක් මිලදී අරන්... ශිරාන් බාසික්ගේ පියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ළමයි 9,105ක් අත්අඩංගුවට