අම්බලන්ගොඩට කිඹුල් බියක්

අම්බලන්ගොඩට කිඹුල් බියක්

October 8, 2023   05:21 pm

අම්බලන්ගොඩ, මාදම්පා ග⁣ඟේ මේ දිනවල කිඹුලෙකු සැරිසරණ බව ප්‍රදේශවාසීන් පවසයි.

අම්බලන්ගොඩ ඌරාවත්ත ගංගාරාම විහාරය පිටුපස අද (08) දහවල් සිට මෙම කිඹුලා සිටින බව ඔවුන් ප්‍රකාශ කළේය. 

එබැවින් අඩි 10ක් පමණ දිගැති මෙම කිඹුලා ඉවත්කර දෙන ලෙසට ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳව වනජීවි දෙපාර්තමේන්තුවට ද දැනුම් දී ඇති නමුත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවය ඔවුන් පැවසීය.

කිඹුලා සිටින බැවින් ගඟ දෙපස නිවෙස්වල ජනතාව බියෙන් සිටින බවත් ධීවර කටයුතු ද නවතා දමා ඇති බව ගම්වාසින් වැඩිදුරටත් සඳහන් කළේය.