අනතුරක පෙරනිමිති පෙන්වන දුම්රිය මගී පාලම
October 7, 2023 09:13 pm
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බම්බලපිටිය දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා ඉදිකර ඇති ගුවන් පාලම මේ වනවිට ඉතාමත් අබලන් තත්ත්වයකට පත්වී තිබේ.
ජනතාව පවසන්නේ, මෙය ඉතාමත්ම අවදානම් තත්ත්වයක් බවය.
දිනකට මගීන් දහස් ගණනක් මෙම පාලම හරහා එහාමෙහා ගමන් කරයි.
ගුවන් පාලමේ යකඩ වැටවල් දිරාපත් වී ඇති අතර කොන්ක්‍රීට් කණු ද පුපුරා ගොස් ගැලවී යන තත්ත්වයක් මතුවී තිබේ.
දුම්රිය මගීන්, පවසන්නේ විශාල අනතුරක් සිදුවීමට මත්තෙන් මෙය අලුත්වැඩියා කළ යුතු බවය.
මෙය මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ගුවන් පාලමකි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කළේ පාලමේ අබලන් තත්ත්වය ගැන එම අධිකාරියට ලිඛිතව මෙන්ම වාචිකව ද දැනුවත් කර ඇති බවය.