තැන තැන සිදුවන මනුෂ්‍ය ඝාතන
December 2, 2024 06:58 am
ප්‍රදේශ දෙකක දී සිදුවූ පහරදීම් වලින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඔයාමඩුව - නවෝදාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි බංඩාරගම, පේමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ (01) දහවල් කාලයේදී දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනය සම්බන්ධයෙන් 17 හැවිරිදි ඉහත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔයාමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර, ඕමන්ත - පරසන්කුලම් ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඊයේ සවස කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලික ආරවුලක් මත තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පහරදීමෙන් පසු තුවාලකරු වව්නියාව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 18ක් වන කුමන්කුලම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඝාතනය සඳහා පැමිණි කැබ් රථය ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.