සයුරෙන් එතෙර
අම්මේ මම ඔයාට ආදරෙයි - අපි මැරෙන්නයි යන්නේ
October 2, 2023 11:06 am
ස්පාඤ්ඤයේ පසුගියදා සිදුවූ රාත්‍රී සමාජ ශාලා ගින්න හේතුවෙන් 13 දෙනෙක් මියගිය අතර තවත් 14 දෙනෙක් අතුරුදන්ව තිබේ.
එරට පොලීසිය පවසන්නේ මරණ ගණන තවත් ඉහළ යා හැකි බවය.
මේ අතර ලා ෆොන්ඩා නමින් ප්‍රකට එම රාත්‍රී සමාජ ශාලාව තුළ ගින්න පැතිරයන විට ඒ තුළ සිරවී සිටි 28 හැවිරිදි කාන්තාවක් සිය මවට යවා තිබූ "හඬ පණිවුඩයක්" සම්බන්ධයෙන් එරට මාධ්‍ය අතර කතාබහක් ඇතිවී තිබේ.
එම පණිවුඩයේ සඳහන්ව ඇත්තේ, "අම්මේ මම ඔයාට ආදරෙයි - අපි මැරෙන්නයි යන්නේ," යනුවෙන් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඇය තම මිතුරන් පිරිසක් සමග අදාළ සමාජ ශාලාවට ගොස් තිබූ අතර ඇය ගින්නෙන් බේරුණා ද යන්න මෙතෙක් වාර්තා වී නොමැත.