වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ කල්තැබීමේ විවාදය අද සහ හෙට
September 21, 2023 07:53 am
"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා" පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) පැවැත්වීමට නියමිතව තිබේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවාදය අද පෙරවරු 9.30ට ආරම්භවීමට නියමිතය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ මෙම කල්තැබීමේ විවාදය විපක්ෂය විසින් ගොනුකර තිබේ.
මෙම විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙසේ අදහස් පළ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවය.
කෙසේවෙතත් පාස්කු ප්‍රහාර සිද්ධිය මුල් කරගනිමින් විපක්ෂය දේශපාලන වාසි ලබාගැනීමේ වැඩපිළිවෙලක නිරතව සිටින බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.