ආහාර විෂවීමකින් පාසල් ළමුන් පිරිසක් රෝහල්ගතකරයි

ආහාර විෂවීමකින් පාසල් ළමුන් පිරිසක් රෝහල්ගතකරයි

September 18, 2023   08:52 pm

පාසල් ළමුන් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය පැවසුවේ රත්නපුර ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මෙලෙස රෝගී වී ඇති බවය.

මහනුවර දිගන ප්‍රදේශයේ පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත මෙම ළමුන් පිරිස රෝහල්ගතකර ඇත.

ළමුන් 30ක් පමණ එලෙස රෝහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවය.