ලසිත් මාලිංගගෙන් අගය කිරීමක්
September 15, 2023 12:15 pm
ඊයේ (14) පැවැත්වුණු ශ්රී ලංකා - පාකිස්තාන ක්රිකට් තරගය ක්රීඩා ලෝලින්ට මහත් වූ උද්යෝගයක් ඇති කළ තරගයක් බව නොරහසකි.
අවසන් පන්දුව දක්වා ඇදී ගිය තරගයේ ජයග්රාහී ලකුණ වාර්තා කළේ, චරිත් අසලංක විසිනි.
මෙම තියුණු ජයග්රහණය පිළිබඳ ශ්රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග විසින් එක්ස් ජාලයේ පණිවිඩයක් සටහන් කර තිබිණි.
චරිත් අසලංකගේ ජයග්රාහී නිමාව ඔහු 'අයිස් කූල්' නිමාවක් ලෙස හඳුන්වා තිබේ.
කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට ක්රීඩා විලාසයත් සදීර සමරවික්රමගේ මැද පෙළ සාර්ථක වීමත් ලසිත් මාලිංග විසින් අගය කර ඇත.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කරන ලසිත් මාලිංග, ලබන ඉරිදා (17) ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසාන මහා තරගයට සූදානම් වෙමු යනුවෙන් ද සඳහන් කරයි.
ශ්රී ලංකාව මෙවර ක්රීඩා කරන්නේ, සිය 12 වැනි ආසියානු කුසලාන අවසාන මහා තරගයයි.
ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට ආසියානු කුසලානය 06 වතාවක් ජයග්රහණය කර ඇති අතර, ඉන්දියාව විසින් ආසියානු කුසලාන 07ක ශූරතාව හිමි කරගෙන තිබේ.
පාකිස්තානයට ආසියානු කුසලානයක පහස හිමි ව ඇත්තේ, වතාවල් දෙකක දී පමණක් වන අතර, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හෝ වෙනත් කිසිදු රටක් මේ වන තෙක්ම ආසියානු කුසලානයක් දිනාගෙන නොමැත.
මෙවර ආසියානු කුසලානය ශ්රී ලංකාව ජය ගතහොත් දසුන් ශානක, ආසියානු කුසලාන දෙකක ශූරතාව සඳහා ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවූ එකම නායකයා ලෙස ඉතිහාසගත වනු ඇත.