ශ්‍රී ලංකා-පාකිස්තාන ක්‍රිකට් තරගය ගැන අලුත්ම තීරණය
September 14, 2023 02:43 pm
යළි වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගයේ කාසියේ වාසිය උරගා බැලීම කල්දැමීමට තරග තීරකවරු තීරණය කළේය.
===================================================Update
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද වී තිබේ.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙලෙස කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද වී ඇත.
තරගය ආරම්භවීමට නියමිතව ඇත්තේ අද පස්වරු 3ටය.
කෙසේ වෙතත් ක්‍රීඩාංගණයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ මේ වනතෙක් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති බවය.
මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ පස්වරු 2.50ට තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට නියමිත අතර තරගය පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිත බවටය.