නීතිඥභාවය අත්හිට වූ පුද්ගලයෙකුට අත්හිටවූ සිරදඬුවම්

February 25, 2025   01:31 pm

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු මේ වන විට නීතිඥභාවය අත්හිටුවා තිබෙන පුද්ගලයෙකුට බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම  වසර 1‍0කට අත්හිටුවන ලෙස නියෝග කළේය.

ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල අද (25) දින සිට දින 90ක තුළ ගෙවා අවසන් කළ යුතු බවටත් නියෝග කර ඇත.

යසන්ත කෝදාගොඩ අර්ජුන ඔබේසේකර සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

වගඋත්තරකරු අදාළ චෝදනාවට වරද පිළිගැනීම නිසාත් වගඋත්තරකරුගේ මානසික තත්ත්වය යනාදී කරුණු සැලකිල්ලට ගෙන මෙලෙස අත්හිටවූ සිරදඬුවම් නියම කරන බවත් විනිසුරුවරු සඳහන් කළේය.

අභියාචනාදීකරණ ලේඛනාගාරයේ තිබූ නඩු ගොනුවක තිබූ ලේඛනයක් අනිතික ලෙස ලබාගෙන එය විනාශ කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මෙම පුද්ගලයාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණි.

එම නඩුකරයට අදාළව වග උත්තරකරු විසින් ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක අධිකරණ ක්‍රියාදාමය විවේචනය කරමින් කරුණු දක්වා තිබූ බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර තිබූ බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

එම සිද්ධියට අදාළව ඉදිරිපත් කෙරුණු තවත් පැමිණිල්ලක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය වග උත්තරකරු නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති ආකාරය බැලූ බැල්මටම පෙනී යන හෙයින් ඔහුගේ නීතිඥභාවය තාවකාලිකව අත්හිටුවීමටද මීට පෙර තීරණය කර තිබුණි.