SVAT ක්‍රියාත්මකවීම කල්දැමීමට කැබිනට් අනුමැතිය

SVAT ක්‍රියාත්මකවීම කල්දැමීමට කැබිනට් අනුමැතිය

September 12, 2023   01:19 pm

ශක්තිමත් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන තෙක් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (SVAT) ඉවත් කිරීම අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවට පෙනී ගොස් තිබේ.

ඒ අනුව එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය ඉවත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක වන දිනය 2025.04.01 ලෙස සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.