දකුණු කොරියානු ජනාධිපති යුද නීතිය හකුලා ගනියි
සයුරෙන් එතෙර

දකුණු කොරියානු ජනාධිපති යුද නීතිය හකුලා ගනියි

December 4, 2024   07:58 am

දකුණු කොරියාව තුළ යුද නීතිය පැනවීමට එරට ජනාධිපති Yoon Suk Yeol ගත් තීරණය ඉවත්කර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් ජනතාව ඊට විරෝධය දැක්වීම හේතුවෙන් ඔහු එම තීරණය ගෙන ඇති බව වාර්තා විය.

ඊයේ (03) දකුණු කොරියානු ජනාධිපතිවරයා පැවසුවේ උතුරු කොරියානු කොමියුනිස්ට් ආක්‍රමණයකින් රට ආරක්ෂා කරගැනීමට රාජ්‍ය විරෝධීන් විනාශ කිරීමට එම තීරණය ගන්නා බවය.

හදිසි යුද නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා තීරණය කර පැය දෙකක් යෑමටත් මත්තෙන් ජනාධිපතිවරයාගේ තීරණ නොතැකු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට රැස්වී ජනාධිපතිවරයාගේ නියෝගයට එරෙහිව යෝජනාවක් සම්මත කළහ.

ඊට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු එක්වූහ.