දුම්වැටි මිලියන 4.5ක් සමග දෙදෙනකු අත්අඩංගුවට
September 11, 2023 06:11 pm
ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ දුම්වැටි මිලියන 4.5ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
එසේ අත්අඩංගුවට ගත් දුම්වැටිවල වටිනාකම රුපියල් මිලියන 110ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට බහාලුමක් තුළ බහා කොළඹ වරායට ගෙනැවිත් තිබියදී අද (11) පස්වරුවේ කොළඹ ග්‍රෑන්ඩ්පාස්, ග්‍රේලයින් බහාලුම් අංගනයේ දී එම දුම්වැටි තොගය සොයගෙන ඇත.
ඉන්දියාවේ රේගු බුද්ධි අංශය විසින් ශ්‍රී ලංකාවේ රේගු බුද්ධි අංශයේ නිලධාරීන් වෙත ලබාදුන් තොරතුරු මත එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබූ ඇත.
එම බහාලුම පසුගිය 07 වනදා ඉන්දියාවේ කට්ටුපල්ල වරායේ සිට කොළඹ වරායට පැමිණ තිබුණි.
වත්තල ප්‍රදේශයේ ආනයනකරුවෙකු විසින් "100% කපු රෙදි සහ ප්ලාස්ටික් බොත්තම් " මෙම බහාලුම තුළ ඇති බවට රේගු නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබුනද මෙම බහාලුම තුළ එවැනි කිසිවක් නොතිබුණු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම දුම්වැටි තොගය මෙසේ කොළඹ වරායෙන් පිටකර ගත්තේ නම් රුපියල් මිලියන 316ක තීරු බදු ආදායමක් ශ්‍රී ලංකාවට අහිමි වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම නීතිවිරෝධී ආනයනය සම්බන්ධයෙන් මෙම බහාලුම නිදහස් කර ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රේගු බුද්ධි අංශ නිලධාරීන් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.