මැති ඇමති සහ හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ගැන සොයා බැලීමට පත්කළ චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට
December 2, 2024 04:35 pm
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබේ.
අද (02) ජනාධිපති කාර්යාලයේ දී එම වාර්තාව භාර දෙනු ලැබීය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක එම අවස්ථාවට එක්ව සිටියහ.
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කමිටුවක් පත් කළේය.
කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ සංයුතිය,
- කේ.ටී.චිත්‍රසිරි මහතා - (සභාපති) විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
- ඩී.දිසානායක මහතා - විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්
- ජයන්තා සී.ටී. බුළුමුල්ල මහත්මිය - විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්/දිසාපති