ප්‍රේමදාස පිටියෙන් සුබ ආරංචියක්

ප්‍රේමදාස පිටියෙන් සුබ ආරංචියක්

September 11, 2023   04:27 pm

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගයේ අතිරේක දිනය වන අද 4.20ට සිදුකළ ක්‍රීඩාංගණ පරීක්ෂාවේදී තරගය කඩිනමින් ආරම්භ කිරීමට හැකිවනු ඇති බවට දැනුම්දී තිබේ.

ඒ අනුව පස්වරු 4.40ට තරගය ආරම්භ කිරීමට හැකි බව තණතීරු පරීක්ෂාවේදී දැනුම්දී තිබේ.

එහිදී වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ කිසිදු පන්දුවාර සංඛ්‍යාවක් අඩුකිරීමක් සිදුනොවන බවය.