තර්ජනාත්මක FB පෝස්ටුවක් දැමූ එප්පාවල තරුණයා රිමාන්ඩ්

තර්ජනාත්මක FB පෝස්ටුවක් දැමූ එප්පාවල තරුණයා රිමාන්ඩ්

September 4, 2023   08:56 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට තර්ජනය කරමින් ෆේස්බුක් හි සටහනක් තැබූ තරුණයා ව එළඹෙන 08වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔහුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

ඔහු  එප්පාවල මැඩියාව ප්‍රෙද්ශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

එම තරුණයා චූන් පාන් වෙළෙඳාමේ නිරතව සිටින අයෙකු බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.