කතෝලික රදගුරු සම්මේලනයෙන් නිවේදනයක්
August 29, 2023 01:35 pm
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ ගැඹුරින් සැලකිල්ල යොමුකරන ලෙස සමස්ත දේශපාලන නායකත්වයෙන් ඉල්ලීමක් කරමින් එම නිවේදනය නිකුත් කර ඇත.
මේ වනවිට නීතියේ ආධිපත්‍ය බරපතළ ලෙස බිඳ වැටී ඇති බවත්, රට පුරා ප්‍රචණ්ඩක්‍රියා වැඩිවෙමින් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මෙවැනි භයානක තත්ත්වයක් ඉදිරියේ දේශපාලන නාටක පසෙකලා ජනතාව මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය බැරෑරුම් ලෙස සලකා කටයුතු කරන ලෙස කතෝලික සම්මේලනය බලධාරීන්ගේ ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.