කලපුවක් අසල සැකකටයුතු මළ සිරුරක්
August 27, 2023 07:31 am
නොරොච්චෝලය, සේතපොළ කලපුව අසල සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුව තිබේ.
ඊයේ (26) උදෑසන කාලයේ දී සේතපොළ කලපුව අසල නාඳුනන මළ සිරුරක් ඇති බවට නොරොච්චෝල පොලීසියට තොරුතුරක් ලැබී තිබිණි.
ඒ අනුව, විමර්ශන නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේ දී නළලේ සහ වම් අතෙහි කැපුම් තුවාල සහිතව මියගොස් සිටි කාන්තා මළ සිරුර හමුවී ඇත.
එම කාන්තාවගේ සිරුර අසල තිබූ බෑගයක තිබී හමුවූ ජංගම දුරකථන අංකයක් ඔස්සේ විමර්ශන සිදුකර ඇති අතර, එම අංකය මරණකාරියගේ දියණියගේ බවට අනාවරණය වී තිබේ.
පසුව පොලීසිය විසින් දියණිය එම ස්ථානයට කැඳවා ඇති අතර, එහි දී ඇය මෘත ශරීරය තම මවගේ බවට හඳුනාගෙන ඇත.
එසේ මියගොස් ඇත්තේ, නාරක්කලිය, නොරොච්චෝලය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි.
මරණකාරිය පසුගිය 25 වනදා රාත්‍රී කාලයේ දී ත්‍රීරෝද රථයකින් රාගම තේවත්ත පල්ලියට තවත් පිරිසක් සමඟ යන බවට පවසා නිවසින් පිටව ගොස් ඇත.
එදිනම රාත්‍රියේ දියණිය විසින් මවට ඇමතුමක් ලබාගත් අවස්ථාවේ දී මව ප්‍රතිචාර දැක්වූ බව ද දියණිය විසින් පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇත.
මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලීසිය සැකකරන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නොරෝච්චෝල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.