බ්‍රික්ස් වෙත රටවල් 6කට ආරාධනා
August 24, 2023 09:41 pm
ලබන වසරේ සිට බ්‍රික්ස් කණ්ඩායමේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට තවත් රටවල් 6කට ආරාධනා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, ආජන්ටිනාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය යන රටවල් සඳහා එම ආරාධනා සිදු කර ඇති බවය.
ඒ අනුව දැනට බ්‍රික්ස් කණ්ඩායම නියෝජනය කරන බ්‍රසීලය, රුසියාව, චීනය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් සමඟ එම රටවල් එක් වීමට නියමිතය.
ලබන වසරේ ජනවාරි මස පළමු වන දා සිට නව රටවල සාමාජිකත්වය ක්‍රියාත්මක වන බව Johannesburg හී දී පැවැත්වෙන බ්‍රික්ස් සමුලුවේ දී දකුණු අප්‍රිකානු ජනාධිපති Cyril Ramaphosa ප්‍රකාශ කර ඇත.