ඝාතනයක් බවට සැකකළ හැකි කාන්තා මළසිරුරක් හමුවෙයි
August 18, 2023 04:20 pm
දිවුලපිටිය, බඩල්ගම, දකුණු කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ තිබී කාන්තාවකගේ මළසිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
බඩල්ගම පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේ දී එම ප්‍රදේශයේ වත්තක මුරකුටියක තිබී අදාළ කාන්තාවගේ මළසිරුර සොයාගත් බව පොලීසිය වාර්තා කරයි.
මියගොස් ඇත්තේ, 59 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවක් බව සදහන්ය.
මෙය ඝාතනයක් බවට සැකකරන බව පොලීසීය පවසන අතර, සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.