මස් වැද්දන් ගැන තොරතුරු දෙන්නැයි වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

මස් වැද්දන් ගැන තොරතුරු දෙන්නැයි වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

August 18, 2023   01:52 pm

නියං කාලයේ ජලය සොයා එන වනසතුන් දඩයම් කිරීමේ ජාවාරමක් මේ වනවිට සිදුවෙමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකරයි.

සිඳී ගිය වැව් හා දියකඩිති ආශ්‍රිතව දියවළවල් සාදා එම ජලයට වස මිශ්‍රකර වන සතුන් දඩයම් කිරීම මෙම ජාවාරම්කරුවන් විසින් සිදුකරන බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි. 

විශේෂයෙන් කතරගමට පැමිණෙන පිරිස් වෙත සහ පිට ප්‍රදේශ සඳහා අලෙවි කිරීම සඳහා වන සතුන් මේ ආකාරයෙන් දඩයම් කරන බවට අනාවරණය වි ඇති බවත් විෂ ශරීරගත කිරීමෙන් මියයන සතුන්ගේ මාංශ මිනිස් පරිභෝජනයට නුසුදුසු වන බවත් වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

වන සතුන් දඩයම් කරන්නන් සොයා සිදුකරන වැටලීම් නියං කාලය තුළ වැඩි කිරීමට පියවර ගෙන ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් 1992 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.