ඉන්දියාවේ සහල් අපනයන තහනමෙන් රටවල් ගණනාවක්ම පීඩාවට
August 16, 2023 02:04 pm
ඉන්දියාව විසින් බාස්මතී නොවන සහල් අපනයනය තහනම් කිරීමට ගත් තීරණය නිසා ලෝකයේ රටවල් ගණනාවක සහල් වෙළෙඳපොළ අවදානමකට ලක් ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.
සහල් අපනයනය තහනම් කිරීමට ඉන්දියාව ගත් තීරණය දේශීය හේතු මත පදනම් වූ නමුත් එය ගෝලීය වශයෙන් බලපෑම් ඇති වීම දක්වා සංකීර්ණ වී ඇති බව සඳහන්ය.
රුසියාව කළු මුහුදේ ධාන්‍ය ගනුදෙනුවෙන් ඉවත් වී දින තුනකට පසු එනම් ජූලි 20 වනදා ඉන්දියාව විසින් බාස්මතී නොවන සුදු සහල් අපනයනය තහනම් කළේය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ක්‍රියාත්මක කරන ලද සහ තවමත් ක්‍රියාත්මක වන කැඩුණු සහල් අපනයනය තහනම් කිරීමත් සමඟ මෙම පියවර ගෙන තිබිණි.
දේශීය ආහාර මිල ඉහළ යාම, ඉහළ උද්ධමනය ආදී හේතු නිසා හා ආහර හිඟය පිළිබඳ රට තුළ ඇතිවූ බිය නිසා ඉන්දියාව විසින් මෙම තීරණය ගත් බව වාර්තා විය.
ලොව විශාලතම සහල් අපනයනකරු වන ඉන්දියාව, 2022 දී ගෝලීය සහල් වෙළෙඳාමෙන් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත.
රටවල් 140කට ඩොලර් බිලියන 9.66ක සහල් ටොන් මිලියන 22ක් 2022 දී ඉන්දියාව අපනයනය කර ඇති අතර, එයට බාස්මතී සහල් ටොන් මිලියන 4.5ක්, තම්බන ලද සහල් ටොන් මිලියන 08ක්, බාස්මතී නොවන සුදු සහල් ටොන් මිලියන 06ක් සහ කැඩුණු සහල් ටොන් මිලියන 3.5ක් ඇතුළත් විය.
ඉන්දියාවේ සහල් තහනමෙන් පසු ගෝලීය සහල් මිල සියයට 15-25කින් ඉහළ ගොස් ඇති අතර, ඉන් වඩාත්ම පීඩාවට පත් ව ඇත්තේ, ඉන්දියානු සුදු සහල් මත යැපෙන බංග්ලාදේශය සහ නේපාලය වැනි රටවල්ය.
එසේම, කැඩුණු සහල් පරිභෝජනය කරන බෙනින්, සෙනගල්, ටෝගෝ සහ මාලි වැනි අප්‍රිකානු රටවල් ද මේ හේතුවෙන් දැඩි පීඩාවකට පත් ව තිබේ.
දර්ද්‍රතා රේඛාවේ ඉහළින්ම සිටින මෙම අප්‍රිකානු රටවල පරිභෝජනය වන ලාභම සහල් ප්‍රභේදය වන්නේ, කැඩුණු සහල්ය.