අගමැතිනිය සහ ශ්‍රී ලංකාවේ රුවන්ඩා මහ කොමසාරිස්වරිය අතර හමුවක්
February 4, 2025 04:40 pm
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් Jacqueline Mukangira මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුව තිබේ.
ඊයේ (03) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදු වූ බව සඳහන් වේ.
ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ මෙම සාකච්ඡාවෙදී අවධානය යොමු ව ඇත.
ශ්‍රී ලංකාව සමග ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට රුවන්ඩාවේ අපේක්ෂාව පිළිබඳ මහකොමසාරිස්වරිය එහිදී යළිත් අවධාරණය කර තිබේ.
දෙරට අතර වෙළෙඳාම, ආයෝජනය සහ දැනුම හුවමාරුව පුළුල් කිරීම සඳහා ද්විපාර්ශවික සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිලිබඳව සාකච්ඡා කෙරිණ.