තුම්මුල්ලේ බිහිසුණු බස් අනතුරක්

තුම්මුල්ලේ බිහිසුණු බස් අනතුරක්

August 14, 2023   07:01 am

බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර, ජුබිලි බුලස් හංදිය අසල දී අද (14) අලුයම බස්රථයක් අනතුරට ලක්ව තිබේ.

පොලීසිය නිවේදනය කළේ කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති බවය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර, ඉන් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි දැනට සිදුකළ විමර්ශනවලින් පොලීසියට අනාවරණය වී ඇත.

බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.