චීන ආරක්ෂක නිලධාරිනියක් CIA දැලේ පැටලෙයි
August 11, 2023 12:18 pm
එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැක කෙරෙන චීන නිලධාරිනියක් චීන ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.
චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, චීන පුරවැසියන් විදේශ රාජ්‍යයන් හී කටයුතු කිරීමේ අවදානම් සහගත බව මෙම සිදුවීමෙන් පැහැදිලි වන බවය.
හමුදා උපාංග නිෂ්පාදන ආයතනයක ට අනුබද්ධව සේවය කර ඇති 'සෙන්ග්' (Zeng) නමැති චීන වාසගම සහිත මෙම කාන්තාව ඉතාලියේ සිටි CIA නියෝජිතයෙකු විසින් ඔත්තු සැපයීමේ කාර්යය සඳහා යොදා ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙම කාන්තාව, අදාළ ආයතනය මඟින් වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉතාලියට යවා තිබෙන අතර, එහි දී ඇය CIA නියෝජිතයා දැන හඳුනාගෙන ඇත.
රාත්‍රී භෝජන සංග්‍රහයන්, විනෝද චාරිකා සහ සංගීත සංදර්ශන සඳහා දෙදෙනා එකට ගමන් කර ඇති බවත් එහිදී ඔවුන් අතර ගොඩනැඟුණු සමීප සබඳතාව හරහා චීන කාන්තාව CIA නියෝජිතයා සමඟ තද බැඳීමක් ඇතිකරගෙන ඇති බවත් විදෙස් මාධ්‍යවල සඳහන් වේ.
චීන කාන්තාවගේ දේශපාලන ස්ථාවරයන් CIA නියෝජිතයා විසින් ග්‍රහණයට ගෙන ඇති අතර, පසුව ඔහු ඇය හරහා චීන හමුදාව පිළිබඳ සංවේදී තොරතුරු පිළිබඳ විමසා තිබේ.
දැනට ලබාගෙන ඇති ප්‍රකාශ මත සෙන්ග්ගේ ස්ත්‍රී පුරුෂභාවය නිශ්චිතව දක්වා නොමැති නමුත් එම පුද්ගලයා 1971 දී උපත ලැබූ බවත් CIA නියෝජිතයා 'සෙත්' ලෙස නම් කර ඇති බවත් සඳහන් වේ.
මේ පිළිබඳ අදහස් දැක්වීම සඳහා රොයිටර්ස් පුවත් සේවය බීජිං හී එක්සත් ජනපද තානාපති කාර්යාලය අමතා තිබුණත් ඊට ප්‍රතිචාර නොලැබුණු බව වාර්තා වෙයි.
ජාතික ආරක්ෂාව ඇතුළු විවිධ කාරණා සම්බන්ධයෙන් එක්සත් ජනපද - චීන සබඳතා මෑත වසරවල දී පළුදු වී ඇති බව දේශපාලන විචාරකයෝ විවිධ අවස්ථාවල දී ප්‍රකාශ කර තිබුණහ.
ඔත්තු බැලීම සහ සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් වොෂින්ටනය බීජිනයට චෝදනා කර ඇති නමුත් එය චීනය ඒවා ප්‍රතික්ෂේප කර තිබිණි.
මේ හරහා චීනය ඔත්තුකරුවන්ගේ තර්ජනයට ලක්ව ඇති බව ද වරින් වර ප්‍රකාශ විය.
සෙන්ග් එක්සත් ජනපදය සමඟ ඔත්තු බැලීමේ ගිවිසුමක් අත්සන් කර ඇති අතර, නැවත චීනයට යාමට සූදානම් ව සිට ඇති බවත් චීනය පවසයි.
සෙන්ග් ගෙන් ලබාගත් තොරතුරුවලට ප්‍රතිඋපකාර වශයෙන් සෙන්ග්ගේ පවුල සඳහා විශාල මුදලක් සහ එක්සත් ජනපදයට සංක්‍රමණය වීමට අවශ්‍ය පහසුකම් සැලසීමට CIA නියෝජිතයා පොරොන්දු වී ඇති බව ද චීන ආරක්ෂක අමාත්‍යාංශය අනාවරණය කරගෙන ඇත.