නව වසරේ ඉන්දියාව තැබූ පළමු පියවර
සයුරෙන් එතෙර

නව වසරේ ඉන්දියාව තැබූ පළමු පියවර

January 2, 2025   05:43 pm

ඉන්දීය විදේශ අමාත්‍යවරය නව වසරේ සිය පළමු විදේශ සංචාරය ලෙස කටාරය තෝරා ගෙන තිබේ.

ඒ අනුව සිය තෙදින කටාර නිල සංචාරය අතරතුර එස්. ජයශංකර් මහතා කටාරයේ විදේශ අමාත්‍යවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් හමුවී තිබේ.

එහිදී ඉන්දියාව සහ කටාරය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සමාලෝචනය කර ඇති අතර වත්මන් කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.