කාන්තාවකට හා තරුණයෙක්ට කඩු ප්‍රහාරයක්
August 10, 2023 07:57 am
ඉලුප්පකඩවෛ පොලිස් වසමේ මුන්රාම්පිඩ්ඩි ප්‍රදේශයේ දී තරුණයෙකුට සහ කාන්තාවකට කඩුවකින් පහරදීමක් සිදුකර තිබේ.
ඊයේ (09) උදෑසන එම පහරදීම සිදුව ඇති අතර, තුවාලකරුවන් මුලන්කාවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.
පසුව තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත මාරු කර යැවු බව පොලීසිය පවසයි.
තුවාලකාරිය අවුරුදු 50ක් හා තුවාලකරු අවුරුදු 27ක් වන පාලිආරු ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර පහරදීම සම්බන්ධයෙන් පාලිආරු ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් සිව්දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.