කැලණිමුල්ලේ ගින්නක්
July 30, 2023 03:55 pm
කැලණිමුල්ල ප්‍රදේශයේ අනවසරෙන් ගොඩකරන ලද ඉඩමකට ගෙනත් දමන ලද අබලි ද්‍රව්‍ය සහ කුණු කසළ ගිනිගැනීමකට ලක් වී තිබේ.
එම ඉඩම කලක් සිට අනවසරයෙන් ගොඩ කරන ලද වගුරු බිමක් බව ප්‍රදේශවාසීන් පවසයි.
කෝට්ටේ නගර සභාවට අයත් ගිනිනිවන රථ තුනක් සහ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් ගින්න මේ වනවිට මැඩපවත්වමින් සිටී.
කිසියම් පිරිසක් විසින් එම ස්ථානයට ගිනි තබා ඇති බවට තොරතුරු වාර්තා වේ.
මුල්ලේරියාව පොලීසිය සහ ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන් ගින්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.