ජපාන විදේශ ඇමති ණය ගැන කතා කරයි

ජපාන විදේශ ඇමති ණය ගැන කතා කරයි

July 29, 2023   12:57 pm

අනාගතයේදීත් ශ්‍රී ලංකාවට සහායදීමට ජපානය ඉතා උනන්දුවෙන් පසුවන බව මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ මෙරට බලධාරීන් සමග අද පැවැති සාකච්ඡාවකදීය.

එහිදී ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සියලුම ණයදෙන රටවල් සම්බන්ධ වන විනිවිදභාවයෙන් සහ සන්සන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක වැදගත්කම තමා අවධාරණය කරන බවය.