නියෝජ්‍ය ඇමති විවෘත කළ බව කියූ වැසිකිළිය ගැන දැන් කියන කතාව

නියෝජ්‍ය ඇමති විවෘත කළ බව කියූ වැසිකිළිය ගැන දැන් කියන කතාව

March 25, 2025   04:04 pm

පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා විසින් වැසිකිළියක් විවෘත කළ බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව එම අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය විසින් කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ එම වාර්තා කිසිදු සත්‍යතාවකින් තොර බවය.

එම පළවන වාර්තා සහ තොරතුරු මීට වසර 05කට පමණ පෙර පොලොන්නරු ප්‍රදේශයේදී අමාත්‍යවරයා තරුණයන් සමග එකතුව සිදුකරන ලද සමාජ සත්කාරයක් බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.

ඒ අනුව අසරණ පවුලකට වැසිකිලියක් සාදා දෙන ලද බවත් ඒ සඳහා කිසිදු උත්සවයක් හෝ පවත්වා නොමැති බවත් එය ඉතිහාසයේ කළ සමාජ සුභ සාධන ක්‍රියාවක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.