මහනුවර රෝහලේ පහසුකම් වැඩිකරන්න තායිලන්තයෙන් උදව්
March 27, 2025 06:27 pm
මහනුවර ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව මෙරට තායිලන්ත තානාපති පයිටුන් මහපන්නපොන් මහතා පවසා ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වූ අවස්ථාවේදී මහපන්නපොන් මහතා මේ බව ප්‍රකාශකළ බව නිවේදනයක් නිකුත්කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මෙම ව්‍යාපෘතිය මගින් සැත්කම් පමණක් නොව තායිලන්තයේ විකලාංග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහ මෙරට වෛද්‍යවරුන්ගේ දැනුම සහ කුසලතා හුවමාරු කරගැනීමට ද අවස්ථාව උදාවන බව තානාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 70ක් බවත්, එය දෙරටේම ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ඉස්මතු කරන බැවින් එම සැමරුම වෙනුවෙන් මෙලෙස මහනුවර රෝහල වෙනුවෙන් අදාළ ව්‍යාපෘතිය තායිලන්තය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
මේ අතර ශ්‍රී ලංකාව තුළ තායිලන්ත ආයෝජන ඉහළ නැංවීම, තායිලන්තයේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්වයට ඉවහල් වූ විශේෂඥතාවයන් පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමරු කරගෙන ඇත.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයේ දී ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කරන බව තායිලන්ත තානාපතිවරයා මෙහිදී ප්‍රකාශකර තිබේ.
එමෙන්ම තායිලන්තය බෞද්ධ දර්ශනික රටක් ලෙස ශ්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ උරුමයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, තායි සංචාරකයින්ගේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට තම සහාය ලබා දෙන බවටද මෙහිදී සහතික වී ඇත.